ඉන්දියාවේ දුම්රිය අනතුරින් 207ක ට දිවි අහිමි වෙයි

  • By editor
  • June 3, 2023
  • 0
  • 52 Views

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව  207ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරට පත් වූවන් මුදාගැනීම සඳහා බාසෝර් දිස්ත්‍රික්කයේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවය.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති බව සඳහන්ය.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *