ඉන්දියාවේ බස් රථයක් ගිනි ගනී – 26ක්‌ මියයයි

  • By editor
  • July 1, 2023
  • 0
  • 110 Views

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

බස් රථයේ ටයරය පුපුරා යාමෙන් පසුව අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *