ඉන්දියාව රුපියල අතහරී – රුසියාව – ඉන්දියාව – චීනයට අලුත් මුදල් ඒකකයක්

  • By editor
  • April 6, 2023
  • 0
  • 75 Views

වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවට ද තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *