ඉන්දීය අගමැති මෝදිට විශ්වාසභංගයක්

  • By editor
  • July 26, 2023
  • 0
  • 86 Views

ඉන්දීය විපක්ෂය විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විසින් පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විපක්ෂය සමග ඇතිවී තිබෙන ගැටුම මධ්‍යයේ එරට කොන්ග්‍රස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව සභාගත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

ඉකුත් මැයි මාසයේදී බහුතර මෙයිති ප්‍රජාව සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර ප්‍රාන්තය තුළ ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන ලෙසට ඔවුන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *