ඉන්දීය සිනමාවේ තවත් නිළියක් සිය දිවි හානී කරගනී

  • By editor
  • September 3, 2023
  • 0
  • 182 Views

ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තිරුවානන්තපුරම් ප්‍රදේශයේ සිය නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බව ද වැඩිදුරටත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති අතර එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇත.

අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර අවසන් වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇය පළ කර ඇත්තේ ඇයගේ සැමියාගේ නම සඳහන් කරමින්  “මගේ ශක්තිය” යනුවෙනි.

ඇය මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර ඇයගේ හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *