ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තිබෙන බවත් ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැති බවත් අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ සදහන් කළේය.
අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනු ලැබීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ජනතාවට අනවශ්‍ය ආකාරයෙන් කලබල නොවන ලෙසය.
ඉන්ධන මිල සංශෝධනය වන බවට දැනගැනීමත් සමග පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබා නොගැනීම නිසා මෙලෙස තාවකාලික හිඟයක් ඇති වී තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කරනු ලැබුවේ.
අලෙවි නියෝජිතයන් 50% ක අවම තොගයක් පවත්වා ගත යුතු බවත් එලෙස අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබේ.