ඉමියුනෝග්ලොබියුලින් වංචාවට බැසිල්ගේ නමත් ඈදෙයි – අත්සන් තැබුවේ බැසිල් කෙහෙළියගේ නීතිඥයා අධිකරණයට කියයි

  • By editor
  • February 5, 2024
  • 0
  • 56 Views

ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව වාර්තා වේ.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් වූ නඩුවේ දී අධිකරණය හමුවේ කරුණු හෙළිකරමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙම කරුණු හෙළි කළේය.

සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණයේ දී සදහන් කළේ

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ’ යනුවෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *