ඊයේ විදුලිය බිඳ වැටීම ගැන අද ඇමති ක‍ංචනගෙන් විශේෂ ප්‍රකාශයක් 

  • By editor
  • December 10, 2023
  • 0
  • 59 Views

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම ඊයේ දිනයේ සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද දහවල් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.

බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *