ඊශ්‍රයලට සහ පලස්තීනයට සජිත්ගෙන් අවවාද

  • By editor
  • October 17, 2023
  • 0
  • 96 Views

තමන් ඊශ්‍රායලයෙන් සහ පලස්තීනයෙන් මිනිස් සංහාරය නැවැත්වීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ

මවුවරුන් කාන්තාවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ මිනිස් සංහාරය නතර කරල සාම සාකච්ඡා වලට යන්න ඕන. දස දහස් ගණනින් මිනිස් ජීවිත විනාශ  වෙනවා. පලස්තීන රාජ්‍යයේ  අයිතිය තහවුරු කරන්න ඕන. ඊශ්‍රායලය සහ පලස්තීනය සාමයෙන් ජීවත්විය යුතුයි.
අපේ පාර්ලිමේන්තුව විදිහට නිහඬව ඉන්න හොඳ නෑ. ඒ රටවල ඉන්න  අපේ  ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ මිනිස් සංහාරය වහා වහාම නතර කරන්න කියලා ඒ රටවල් දෙකට යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *