ඊළඟ රෝහල් බිල්ල – කැනියුලා ආසාධනයෙන් ඖෂධ සේවකයෙක් මියයයි

  • By editor
  • July 14, 2023
  • 0
  • 40 Views

සේලයින් ලබාදීම සදහා භාවිතා කල කැනූලා එකක් ආසාධනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායක වරයෙක් ඊයේ (13) මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මියගොස් ඇති තැනැත්තා සති දෙකකට පමණ පෙර උණ රෝගය වැළදී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුලත් කර ඇති බවත්, එහිදී සේලයින් ලබාදීම සදහා කැනූලා එකක් භාවිතා කර ඇති අතර, එය ආසාධනය වී විෂබීජ ශරීරගතව ඇති බවත් උසස් සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය.

ඒ අනුව සේලයින් ලබාදීම සදහා භාවිතා කල කැනුලා එක මගින් සිදුවූ ආසාධනයද මරණය සදහා හේතුවන්නට ඇති බවට සැක පලකරන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්දයෙන් අදහස් දැක්වූ පානදුර මූලික රෝහලේ ජේෂ්ඨ ප්‍රාකාශිකාවක් සදහන් කලේ රෝගියා තම රෝහලට ඇතුලත් කිරීමට පෙර කැනුලා එක ලබාදී ඇති බවත් , ඔහු හදවත් රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරුකර යැවීමට උත්සාහ කල නමුදු එවැනි රෝහලක් සොයාගැනීම අපහසුවූ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *