උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 15000 ක් – සෞඛ්‍ය ලේකම් වසරකට පෙර රටට බොරු කී හැටි වෛද්‍ය චමල් පෙන්වයි..

  • By editor
  • September 15, 2023
  • 0
  • 125 Views

මීට වසරකට පමණ පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ශ්‍රී ලංකාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නැතැයි ප්‍රකාශ කළේය. එහෙත් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කළ නවතම පෝෂණ වාර්තාවට අනුව ලංකාවේ දරුවන් අතරින් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් හෙවත් 15000 කට අධික ප්‍රමාණයක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වී ඇත.

එසේම තවත් දරුවන් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානම් කලාපයට හෙවත් මධ්‍යස්ථ අගයන්හි පවතින බව එම වාර්තාව හෙළි කරයි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරන්නේ මීට වසරකට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බවට කළ ප්‍රකාශය ගැන දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය කුමක්දැයි ජනතාව ප්‍රශ්න කළ යුතු බවයි.

එසේම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ලංකාවේ මන්දපෝෂණය ඉතා අඩු මට්ටමක පවතින බවට පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බවත් මේ අන්දමට වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා ගේ අවධානය යොමුවිය යුතු බව ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී වෘත්තය හා සිවිල් සංවිධාන වල සත්‍යග්‍රහයට සහභාගිවෙමින් අදහස් ප්‍රකාශ කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ නිල වෙබ් අඩවියට අනුව වයස මාසයට අඩු වයස අවුරුද්දට අඩු සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය ද කැපී පෙනෙන ලෙස දැනීම ප්‍රශ්න සහගත බවයි


මීට වසරකට පමණ පෙර තමන් මේ තත්ත්වය පැහැදිලිව පෙන්වා දෙද්දී තමන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් හෝ තම සම්පූර්ණ ප්‍රකාශය කියවා ගැනීමකින් තොරව සංස්කරණය කල දර්ශන මත පදනම්ව සමිති නායකයින් මර්දනයට කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් නොහැකියාව සහ අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය නිකුත්කළ නවතම පෝෂණ තත්ව වලට අනුව ලංකාවේ උග්‍ර තීව්‍ර මන්දපෝෂණය සහ මන්ද තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සිටින අතර විශේෂ පාසල් දරුවන් අතර දිගුකාලීන මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.


එම වාර්තාවට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ බර අඩු වීමේ ප්‍රතිශතය 2021 වර්ෂයේ දී 12.2 ක් වූ අතර මේ වන විට එම අගය 17.1 ක් බවට පත්ව ඇත.

2020 වර්ෂයේ දී වුව මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශත සංඛ්‍යාව 8.2 ක් වූ අතර මේ වන විට එම අගය 10 දක්වා වැඩි වී ඇත.

2021 වර්ෂයේ දී දිගුකාලීන මන්දපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව සියයට 7.4 ක් වූ අතර
මේ වන විට එයභ සියට 12.8 දක්වා වැඩිබව පවුල් සෞඛ්‍ය කාර්යාලය පෙන්වා දෙයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අතර සියයකට 9 කට අධික ප්‍රමාණයක් මධ්‍යස්ථාන මන්දපෝෂණයෙන් පෙළෙන බව එම වාර්තා පැහැදිලිව සඳහන් කරයි.

මේ අතර වයස මාසයට අඩු වයස අවුරුද්දට අඩු සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ අනුපාතයක් ද පිලිවලින් සියයට 7, 10.1 හා 12 ලෙස අගයන් දරන අතර මෙය 2015 වර්ෂයට වඩා කැපීපෙනෙන වැඩිවීමක් බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

මීට අමතරව ගර්භණී මවුවරුන් සහ කිරිදෙන මව්වරුන්ගේ ද පෝෂණ තත්ත්වය දුර්වල අඩියක පවතින බව එම වාර්තාවලට අනුව පැහැදිලි වන අතර ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය නිසා පවුල් අතරින් මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවය ට ගොදුරු වීම ද තවත් පුද්ගලයන් ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි පෝෂදායි ආහාර වේල් ලබා නොගැනීමට හේතු වී ඇති බව පසුගියදා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පැහැදිලිව පෙන්වා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *