උතුරේ ධීවරයින්ගෙන් ඉන්දීය අගමැති මෝදිට ලිපියක්

  • By editor
  • June 15, 2023
  • 0
  • 80 Views

උතුරේ ධීවරයන්ට ඉන්දීය ධීවරයින්ගෙන් සිදු වන බලපෑම් හා තර්ජන වහා ම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත පෙත්සමක් යොමු කර තිබේ.

උතුරේ එක්සත් ධීවර සමිති සංගම් එකමුතුව විසින් ඉන්දීය අගමැතිවරයා වෙත යොමු කිරීමට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත එම පෙත්සම භාර දී ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟදී ම ඉන්දියාවේ සංචාරයක් අරඹන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කොට අවසන් විසඳුමක් ලබාගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමිති එකමුතුව එමගින් ඉල්ලා ඇත.

ඉන්දීය ධීවරයන් බලහත්කාරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන බවත් එමෙන්ම චීන ධීවර සමාගම් ශ්‍රී ලංකාවේ දකුණේ ධීවර සංගම් තුළට රිංගා නීති විරෝධී ලෙස මසුන් මැරීම නිසා උතුරේ ධීවරයන්ට හා ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති නිසා මේ ගැටලු ඉන්දීය හා ශ්‍රී ලංකා නායකයන් සාකච්ඡා කොට අවසන් නිගමනයකට පැමිණිය යුතු බව උතුරේ ධීවර සමිති පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *