උමාරා ජාතික ගීය විකෘති කළ බව හෙළිවෙලා

  • By editor
  • August 22, 2023
  • 0
  • 126 Views

පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩු දුන් උමාරා සිංහව‍ංශ ජාතික ගීය ගායනය ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ගායනා කිරීමක් බවට පරීක්ෂණ වලින් හෙලි වී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි ගායන ශිල්පිනි උමාරා සිංහවංශට චෝදනා එල්ල වුණි.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *