උ.පෙළ දින තීරණය කරන්නේ උපකාරක ගුරුවරු!!

  • By editor
  • September 3, 2023
  • 0
  • 194 Views

පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමීම සඳහා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටීමට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානම් බව ආරංචි මාර්ග සදහන් කරයි

මෙරට ප්‍රධාන පෙළේ උපකාරක පන්ති ගුරුවරුන් කිහිප දෙනෙකුගේ උවමනාව මත එම ඉල්ලීම සිදුකෙරෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ලබන ඔක්තෝබර් පැවැත්වීමට සැලසුම් කර තිබූ විභාග දෙපාර්තමේන්තුව පැවති විභාගය උත්තර පත්‍ර ඇගයීම වර්ජනය හේතුවෙන් නොවැම්බර් 27 වනදා එම විභාගය පැවැත්වීමට තීරණය කෙරිණි.

පැවති විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඊළඟ විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ඔවුන් පවසා තිබේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගය යළි කල් දැමීමට සිදු වුවහොත් මෙවර සාමාන්‍ය පෙළ විභාගය පමණක් නොව ලබන වසරේද ජාතික විභාග කල් ගෙවීමට සිදුවන බවට තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *