මේ වන විට 2022 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු අවසන් කර ඇති බැවින් ප්‍රතිඵල අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් සදහන් කර තිබේ.
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සම්බන්ධ ගැටලු රැසකට මුල සිටම බලධාරීන් මුහුණ දී තිබුණි.
කෙසෙවෙතත් පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709ක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.
මේ අතර, උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ කටයුතු අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.