එක්සත් රාජධානියට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් පොල්ලක්

  • By editor
  • September 17, 2023
  • 0
  • 108 Views

වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඒ සදහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වේ.

අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ මේ පිළිබඳ වාර්තා කර තිබේ.

එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව රට්ලි මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා 2003 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බව රුට්ලි මහතා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *