එක්සත් රාජධානීයේ නව කොවිඩ් ප්‍රභේදයක්

  • By editor
  • August 7, 2023
  • 0
  • 85 Views

නව කොවිඩ් ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට එම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන ඇති අතර EG.5.1 ලෙස නම් කර ඇති එම ප්‍රභේදය එරිස් යන අන්වර්ථ නාමයෙන් හදුන්වා දී තිබේ.

එමෙන්ම එය වේගවත් ව්‍යාප්තියක් පෙන්වූ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවත එන්නක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි

එහි රෝග ලක්ෂණ පහ ලෙස නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ ඇති වන වේදනාව යන්න හඳුනා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *