එජාපය සහ සජබය එකම ගමනක

  • By editor
  • April 4, 2023
  • 0
  • 74 Views

රනිල් වික්‍රමසිංහ රට භාරගත් පසුව රටේ විශාල ධනාත්මක වෙනසක් ඇති බවත් රටේ ජනතාව තුළ ද එතුමා කෙරෙහි විශාල පැහැදීමක් ඇතිව තිබෙන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙල සහ සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල අතර කිසිදු වෙනසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව, එජාප – සජබ පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති බවත් ජනාධිපතිවරයා මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් රටගොඩගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට එකඟ වීමට සිදුව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම නිස පක්ෂ දෙක සාකච්ඡා කර, එක්ව ඉදිරියට ගමන් කරන ආකාරයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *