එන්නතක් නිසා තවත් මරණයක්

  • By editor
  • August 12, 2023
  • 0
  • 182 Views

සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) නම් ප්‍රතිජීවක එන්නත විෂ වීමෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ රෝගියෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ

මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකි.

අදාළ රෝගියාට එම ප්‍රතිජීවක එන්නතෙහි මාත්‍රා දහයක් ලබා දී තිබූ නමුත් සංකූලතාව වාර්තා වී ඇත්තේ එකොළොස්වැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුවයි.

එම මාත්‍රාව ලබා දීමෙන් මිනිත්තු 05කට පමණ පසුව අදාළ මරණය සිදු වූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *