එන්නතක් විස වී කොළඹ පෞද්ගලික රෝහලේදී රෝගියෙක් මියයයි

  • By editor
  • February 9, 2024
  • 0
  • 62 Views

නාරහේන්පිට කින්ග්ස් පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මක වී පුද්ගලයෙක් මියගොස් ඇත.

එම රෝගියාට කරන ලද ප්‍රතිකාර වලට අදාළ වෛද්‍ය වාර්තාව ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෙත නියෝග කර ඇත.

එසේම එම එන්නත ලබා දුන් රෝහලේ හෙද නිලධාරීන්ගෙන් සහ මරණකරුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස ද පොලිසියට නියම විය.

අදාළ මරණකරු වන රෝගියා ඉකුත් 2023 මැයි 30 වෙනිදා රෝහල වෙත ඇතුලත් කර තිබෙන බවත් එම අවස්ථාවේදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු හට Amoxicililin Allergy ඖෂධය අසාත්මික බව වාර්තා කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එසේ සටහන් කර තිබියදී අසාත්මිකතාව ඇති ඖෂධ වර්ගයේ ඖෂධයක් රෝගියා වෙත එන්නත්තක් මාර්ගය ලබාදීමෙන් අනතුරුව ජුනි 2 වෙනිදා මියගොස් ඇති බවට පොලිසිය දන්වා සිටියේය.

මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය එම් එස් රුහුල් හක් විසින් අදාළ මරණයට හේතුව වශයෙන් මරණකරු රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියදී වෛද්‍යවරුන් විසින් ලබා දී ඇති ප්‍රතිජීවක අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවට වාර්තා කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

මෙම මරණයට අදාළ මූලික විමසන කටයුතු නාරින් පිට පොලිසිය සිදුවන බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන කටයුතු පවරාගෙන සිදු කරගෙන යන බව බව බවත් අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය ලබන 29 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *