එයාට දෙනවානම් මටත් ඕනේ – රාජිත, රෝහිත ඇමති පොරයක

  • By editor
  • April 17, 2023
  • 0
  • 92 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

රෝහිත අබේගුණවර්ධන පොදුජන පෙරමුණේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙක් බැවින් ඔහුව කපාහැර රාජිත සේනාරත්නට පමණක් ඇමති ධුරයක් දුනහොත් එය බරපතළ අසාධාරණයක් බව පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිතුමා වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *