භාර්ති එයාර් ටෙල් ලංකා (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා ඵ්ළ්C සමගින් ඒකාබද්ධ කිරීමට කටයුතු කරමින් පවතී.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඊට අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශ්ව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වේ.
එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස්හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බවද කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.