එල්ලේ ගහපු ළමුන් දෙදෙනා වගා ළිදෙන් හමුවෙයි – ගුරුවරුන්ට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි

  • By editor
  • August 17, 2023
  • 0
  • 203 Views

වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකි.

වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති එල්ලේ තරගයක් සඳහා මෙම සිසුන් දෙදෙනා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙයි.

පසාල් සිසුන් නොමැති වීමෙන් අනෙක් සිසුන් එක්ව සිසුන් දෙදෙනා සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයාගනු ලැබීය

කෙසෙවෙතත් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශවාසීන් හා ගුරුවරුන් අතර උණුසුම් තත්වයක් හටගත් බව පොලීසිය පවසයි.

එහිදී ප්‍රදේශවාසීන් විසින් ගුරුවරුන්ට පහර දී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *