එළිවෙනකම් සින්දු අහන්න කාලය වැඩි කරලා

  • By editor
  • June 21, 2023
  • 0
  • 165 Views

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කරමින් එහි කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව රාත්‍රී 10.00ට අවසන් කිරීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 01.00 දක්වා පැවැත්විය හැකි අතර ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සංගීත සංදර්ශන පැවැත්විය හැකිය.

එසේම අතර රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශන පවත්වන ස්ථානයට සාධාරණ දුරක් තබා ගැනීම කළ යුතු වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *