එ.ජා.ප යෙන් රවීට කැපිල්ලක්

  • By editor
  • December 2, 2023
  • 0
  • 105 Views

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් මෙහෙයවීම සදහා පක්ෂයේ කළමනාකරණ කමිටු සාමාජිකයින්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික්ක බෙදා දීමේදී හිටපු ඇමැති රවි කරුණානායකට කිසිදු දිස්ත්‍රික්කයක් භාර නොදීම කැපී පෙනෙන බව වාර්තා වෙයි.

පසුගිය අගහරුවාදා කළමනාකරණ කමිටු රැස්වීම පැවති අතර හිටපු ඇමැති රවි කරුණානායකට බාරදී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු භාර ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සහයෝගය ලබාදීමය. ඒ අනුව චාමර රත්නායකට කොළඹ සහ මාතර දිස්ත්‍රික්කත්, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ගම්පහ දිස්ත්‍රික්කයත්, පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්ට පුත්තලම, කුරුණෑලග හා මාතලේ දිස්ත්‍රික්කත්, ඇමැති හරින් ප්‍රනාන්දුට බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කත්, ඇමැති මනුෂ නානායක්කාරට මහනුවර, නුවරඑලිය දිස්ත්‍රික්කත් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායකට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කත්, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට කළුතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ක්කද, උතුර, උතුරු මැද පළාත් සහ මඩකලපුව දිස්ත්‍රික්කය පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරටත්, පොළොන්නරුව දිස්ත්‍රික්කය ප්‍රියශාන්ත ගුණවර්ධනටත් ලබාදී ඇත.

දෙසැම්බර් මස පළමු සතියේ සිට ආසන මට්ටමින් රැස්වීම් පැවැත්වීමටත් මෙහිදී තීන්දු කර ඇත. හිටපු ඇමැති රවි කරුණානායකට දිස්ත්‍රික්කයක් භාර නොදීමට ආසන්නතම හේතුව වී ඇත්තේ සිරිකොතදී පැවති රැස්වීමකදී පක්ෂය විවේචනය කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග බහින් බස් වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *