ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දුන්නේ නෑ – සමස්ත ලංකා හෙද සංගමය 

  • By editor
  • December 31, 2023
  • 0
  • 91 Views

සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ‍ දී කාන්තාවක් මියගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

පියයුරු පිළිකා සැත්කමකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් පසුගිය දා මිය ගොස් තිබිණි.

ඇයට අවශ්‍ය ව තිබූ ඔක්සිජන් වෙනුවට වැරදීමකින් කාබන්ඩයොක්සයිඩ් වායුව ලබාදීම එම මරණයට හේතුව බවට සෞඛ්‍ය වෘත්තිය සංගම් චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ පැවසුවේ, පෙරේදා රාත්‍රියේ සැත්කම සිදු කරන අතරතුරදීම කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *