” ඔන්මැක්ස් ඩී.ටී.” සභාපතිට රතු වරෙන්තුවක්

  • By editor
  • March 13, 2024
  • 0
  • 63 Views

” ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රතු වරෙන්තු නිකුත් කළේය.

”ඔන් මැක්ස්’ සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු පොලිසිය මඟ හරිමින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

එසේම ඔහුට අයත් අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ කිෂ්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි පි මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති අතර “ඔන්මැක්ස් මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂක වරයෙකු කිස්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්, ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර අධ්‍යක්ෂක විසින් සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

මීට අමතරව ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *