ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මගේ සම්බන්ධයක් නෑ – ඇමති බන්ධුල කියයි

  • By editor
  • June 22, 2023
  • 0
  • 131 Views

කොළඹ බේස්ලයින් මාර්ගයේ ඉදිකර ඇති ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ඉවත් කරන ලෙස ලබාදී ඇති අධිකරණ නියෝගයට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය වරයාගේ කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් නොමැති බව එම මාධ්‍ය අංශය සදහන් කරයි

වැඩිදුරටත් ඔවුන් සදහන් කරන්නේ……

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පිවිසුම ආසන්නයේ බේස්ලයින් මාර්ගයේ, ඔරුගොඩවත්ත මංසන්ධියේ ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස අනවසරයෙන් ඉදිකර ඇති ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකිරීම් වහාම ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජාතික මාර්ගයක් ලෙස නම් කර ඇති මෙම ප්‍රධාන මාර්ගයේ, අනවසරයෙන් අත්පත් කරගෙන තිබෙන, ඉදිරියේදී ඉදිකිරිමට නියමිත කුළුණු මත දිවෙන අධිවේගී මාර්ගයටද සම්බන්ධ වීමට නියමිත මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම නිදහස් කර දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත 2021 වසරේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ලට අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් බලෙන් අල්ලාගෙන ඇති මෙම ස්ථානය කඩා ඉවත් කර ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි.ආර්.බී.නෙලුම්දෙණිය මහතා විසින් 2021.08.25 වන දින පිස්කල් ආඥාවක් නිකුත් කර ඇත.

ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම මත 2023.03.23 දින සහ 2023.06.21 දින මෙම ඉදිකීරිම ඉවත් කරන යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු අතිරේක මහේස්ත්‍රාත්තුමන් විසින් නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව එළැඹෙන මස හත් වැනි දිනට පෙර මෙම ඉදිකිරීමක් ඉවත් කර ගන්නා ලෙසට විත්ති පාර්ශ්වය වෙත පිස්කල් නියෝගයක් නිකුත් කර තිබේ.

ජාතික මාර්ග පද්ධතිය සම්බන්ධව බලයලත් අධිකාරි ආයතනය වන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නීති ප්‍රකාරව සිදු කරන ලද මෙම අධිකරණ කටයුත්ත ආරම්භක අවස්ථාව වන විට සහ මුල් තීන්දු ලබා දෙන අවස්ථාව වන විටත් අචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ධූරයට පත්ව නොසිටි අතර මෙම අධිකරණ නියෝග සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් එතුමා විසින් සිදුකර නොමැති අතර මෙම අධිකරණ නියෝගයක් ස්වාධීන පරීක්ෂණයක් මගින් ලබාදුන් තීන්දුවක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *