මසකට විදුලි ඒකක හයදහසක් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ විහාරස්ථානය සදහා භාවිතා වන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සදහන් කරනු ලැබුවේ එම ප්‍රමාණය හෝටලයටත් වඩා වැඩි ප්‍රමාණයක් බව ය.
විහාරස්ථාන විශාල ප්‍රමාණයකට විදුලි සහන ලබා දෙන බවද පැවසූ අමාත්‍යවරයා ඊට අමතරව කිලෝ වොට් පහක් දක්වා වූ ප්‍රමාණයකට අවශ්‍ය වන සූර්ය විදුලි උත්පාදන කට්ටල ලබාදෙන නමුත් ඕමල්පේ හිමියන්ගේ විහාරස්ථානයට නම් එම ප්‍රමාණය මදි වනු ඇති බවත් තවදුරටත් කියා සිටියේය.
