ඕමානයේදී ලාංකික කාන්තාවන් ලිංගික වහළුන්සේ වෙන්දේසියේ විකුණයි

0
193

ඕමානයේ රැකියා සඳහා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත. මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින් රුපියල් මිලියනයකට පවා වටිනාකමක් ගෙවා ලිංගික වහලුන් සේ මිලට ගෙන තිබේ. වයස හා පෙනුම අනුව මිල තීරණය වන බවද හෙළිවී ඇත.

මෙහිදී රුපියල් මිලියනයේ වටිනාකමක් ගෙවා මිලදී ගත්තද එම කාන්තාවන්ට ඒජන්සිකරුවන් ගෙවා ඇත්තේ සොච්චමක් බවද විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. මේ බව හෙළිවී ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ඕමානයට යැවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන් කළ විමර්ශනයකදීය.

ඩුබායි රාජ්‍යයට සංචාරකයන් මෙන් රැගෙන ගොස් අල්බුරේහි දේශසීමාව ඔස්සේ බස් මගින් ඕමානයට රැගෙන යාම එක් ජාවාරමකි. ඉන්දියාවට සංචාරක වීසා මත රැගෙන ගොස් ඕමානයට රැගෙන යාමද ජාවාරම්කරුවන්ගේ තවත් සැලැස්මකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here