ඕස්ට්‍රේලියාවේ විජිත නාඔටුන්නේ හිමිට ළමා අපචාර සම්බන්ධයෙන් නඩු

  • By editor
  • August 19, 2023
  • 0
  • 146 Views

ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති විජිත නාඔටුන්නේ හිමියන්ට ළමා අපචාර ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් හිමියන් එරට අධිකරණය හමුවේ පෙනී සිටි බව ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

68 හැවිරිදි වියේ පසුවන හිමියන් මීට වසර ගණනාවකට පෙර 1996 සිට 2004 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ හි විහාරස්ථානවල රැඳී සිටි කාලයන්හිදී තමන්ට මුණගැසුණු ළමා වින්දිතයින් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට පොලිසිය චෝදනා කර තිබේ. මෙම නඩුව ගොනුකර ඇත්තේ වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු ලිංගිකව අපයෝජනය කිරීම සහ 16 ට අඩු දරුවෙකු ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම ඇතුළු වැරදි 13 ක් සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *