ඖෂධ තොග පිටින් වරායේ හිර කරනා NMRA කුමන්ත්‍රණයක්

  • By editor
  • December 25, 2023
  • 0
  • 98 Views

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඖෂධ නැව්ගත කිරීමේ නිෂ්කාශනය අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රි ලංකාව තුළ බරපතල ඖෂධ හිඟයක්  ඇතිවීමේ අවධානමක් මතුව ඇතිබව ශ්‍රීලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ මණ්ඩලය කියා සිටී. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් එම මණ්ඩළයේ සභාපති ප්‍රතාපන් මයිල්වාගනම් පවසනුයේ කිසිදු හේතුවකින් තොරව ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය නිසා ඖෂධ ආනයනය කරනා සමාගම් මතු නොව මෙරට සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට අත්‍යාවශ්‍ය ඖෂධවල සැලකිය යුතු හිඟයක් වෙළඳපොලේ ඇතිවිය හැකි බවය .

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරනා ප්‍රධාන සමාගම් 17 මේවන විට ආනයනය කර වරායේ ගබඩා කර ඇති ඖෂධ තොග සහ මේවනවිට ඇනවුම්කර ශ්‍රී ලංකාවට නැව්ගතකර ඇති ඖෂධ තොගවලට මෙන්ම ශ්‍රී ලංකාවට එවිමට නිෂ්පාදනයකර දැනට කර්මාන්ත ශාලා තුළ ගබඩා කර ඇති ඖෂධ වලටද මෙම තීරණය නිසා අහිතකර බලපැම් ඇතිවන බව එම ලිපියෙන් කිය වේ.

ඒ අනුව මේවිට සමාගම් පහක් විසින් ආනයනය කර වරායේ නිදහස්කරගත ගත නොහැකිව ඇති ඖෂධ තොග ප්‍රමාණය  15 කි. තවත් සමාගම් නමයක් විසින් ඇනවුම් කර ශ්‍රි ලංකාව බලා නැව්ගතකර ඇති ඖෂධ තොග සැපයුම් 54 රැගත් නෞකා මේවන විටත්  ශ්‍රී ලංකාව බලා පැමිනෙමින් සිටී . තවද සමාගම් 14 ක් විසින් ඇණවුම් කර නිෂ්පාදනය කළ  ඖෂධ තොග 89 ක් ශ්‍රී ලංකව බලා නැව්ගත කිරීමට විදේශයන්ගේ සූදානමින් ඇත . මේ සියළු ඖෂධ අත්‍යාවශ්‍ය ඒවා වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් නිශ්කාෂන කටයුතු අත් හිටවිම නිසා මෙම ඖෂධ ආනයනිත සමාගම් වලට වරායෙන් පිටතට ගැනීමට නොහැකි වී ඇත. 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ගත් නිශ්කාෂණ අත් හිටවීමේ තීරණය නිසා රට තුළ ඖෂධ හිඟයක් ඇති විමට අමතරව ඖෂධ ආනයනයේ නියුතු සමාගම් මත අධික මූල්‍ය පීඩනයක් ඇති කිරිමට සමත්වනු ඇත. එමගින් ඖෂධ ආනයනයෙ පිරිවැය ඉහළ යාමට අමතරව කර්මාන්තයේ පැවැත්මටද තර්ජනයක් එල්ලවන බව ඖෂධ කර්මාන්ත කරුවන්ගෙ මණ්ඩලය පවසයි .  

තම සාමාජික සමාගම් ඉතා උනන්දුවෙන් අවශ්‍ය ලිපි ලේඛන නියමිත වේලාවට ඉදිරිපත් කට තිබියදී නිෂ්කෂණ අනුමැතිය ලබදීම ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිගටම ප්‍රමාද කිටීම අඛණ්ඩව සිදුකරනා බව ඕවුහු පවසති . ඖෂධවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා දැඩි රෙගුලාසි වල වැදගත්කම තමන්ද පිළිගන්න මුත්, නිෂ්කෂණයට අවශ්‍ය අනුමැතිය ලබා දීම දීර්ග ප්‍රමාද කිරීම මෙරට මහජන සෞඛ්‍යට බරපතල බලපෑමක් ඇතිකළ හැකි බැවින් ඊට වහා මැදිහත් වන්නැයි ඖෂධ කර්මාන්ත මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *