ඖෂධ නියාමන අධිකාරියට තග දැමූ කාවින්දට සහ මුජිබර් ට එරෙහිව පැමිණිල්ලක්

  • By editor
  • August 4, 2023
  • 0
  • 69 Views

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතුළු පිරිසක් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකරුවන් පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයුතු ලෙස ඇතුළුවී අනවසරයෙන් එහි දත්ත ලබාගැනීමක් සිදුකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *