ඖෂධ සංස්ථාවට හොර රහසේ බෝනස් ගෙවලා

  • By editor
  • April 17, 2023
  • 0
  • 117 Views

2021 වසරේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සේවකයන්ට නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා සහ ඇතුළු විවිධ දීමනා ලබා දී ඇති බවට නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව සංස්ථාවේ එක් සේවකයකුට රුපියල් 13,500 බැගින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න ප්‍රසාද දීමනා 2021 වර්ෂයේදී නීතියට පිටින් ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

සාමූහික ගිවිසුමක් සහිත සංස්ථාවකට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ(  ඵ්Eඪ්/3/2018) සහ  (ඵ්Eඪ්/ 03/ 2021) අදාල කර ගත නොහැකි වන නමුත් ඒ  චක්‍රලේඛ විධිවිධානවලට අනුව යමින් එම ප්‍රසාද දීමනා ගෙවා ඇති  බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *