ඖෂධ සමාගම් වලින් කප්පම් ගන්නා සුප්‍රසිද්ධ වෛද්‍යවරයා කවුද?

  • By editor
  • September 24, 2023
  • 0
  • 73 Views

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරන බව පවසමින් ඖෂධ සමාගම් වලින් කප්පම් ඉල්ලූ වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම වෛද්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩු පෙන්වා දෙමින් මෑතක දී කරළියට පැමිණි අයෙක් වන අතර ඔහු විසින් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බව පැමිණිල්ලේ වැඩිදුරටත් වාර්තා වේ.

එම සමාගම්වලට සහ ඒවායේ ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡාවල දී පහර දෙන බව පවසමින් එසේ නොකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙසට බලපෑම් කරන බව වාර්තා වෙයි.

එසේම විපක්‍ෂ මන්ත්‍රීවරු විශ්වාස භංගයේ දී ඉදිරිපත් කරන්නේ තමා ලබාදෙන තොරතුරු බව පවසා එම සමාගම්වල තොරතුරු ලබා නොදීමට නම් රුපියල් මිලියන ගණනින් මුදල් අවශ්‍ය බව පවසා ඔහු විසින් මුදල් ලබා ගෙන ඇති බවත් හෙළි වී තිබේ.

පසුව දිගින් දිගටම කරන බලපෑම් නිසා අදාල සමාගම් මෙසේ පැමිණිලි කර ඇත.

කෙසෙවෙතත් මෙකී වෛද්‍යවරයාගේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් හේතුවෙන් දැනටමත් වැඩ තහනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *