පවතින දැඩි නියගයෙන් වලවේ ගොවීන් දැඩි අසීරුතාවයන්ට පත්වීම හේතුවෙන් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අධිකරණයට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කර තිබේ.
එමෙන්ම කාංචන විජේසේකර අමාත්‍යවරයාට විරුද්ධවත් අධිකරණ ක්‍රියා මාර්ග ගොවීන් වෙනුවෙන් ලබාගන්නා බවද කීය.
උඩවලව ජලාශය මේ වන විට ජල ධාරිතාවය සියයට 2 ට ආසන්න මට්ටමට අඩුවී සිදී ගොස් ඇති අතර වලවේ ගොවීන්ගේ වගා සදහා අඩුම තරමින් තවත් දින 10ක් වත් ජලය ලබාදිය යුතුවේ.
මේ සදහා සමනල ජලාශයෙන් ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විටත් ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කර දින 11 ක් ගතව ඇත.