කංචන විජේසේකරට මංගල සීනූ

  • By editor
  • May 27, 2023
  • 0
  • 86 Views

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට ළඟදීම මංගල සීනූ නාද වන බවට වාර්තා වේ.

ඔහු සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි.

ඇය මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *