අතර මැදි පංති වලට කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.
එම හිටපු විදුහල්පතිනි වන පී.කේ.ආර් රණසිංහ මෙයට පෙර අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අතර ආධිකරණයෙන් එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇයට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.
ගම්පොළ පිහිටි විදුහල්පතිනිය ගේ නිවසට හා ස්ථාන මරු ලැබ ඇය පැමිණි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවස්ථා කිහියකදී පොලීසිය ගියත් ඇය එම ස්ථාන වල නොසිටි බව පොලීසිය පවසයි.
ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයෙන් ඉවත් කළ පසු රණසිංහ මහත්මිය පළාත් අධ්යාපන කාර්යාලයේ සේවය සඳහා වාර්තා කර ඇත්තේ එක් දිනක් පමණක් වන අතර ඇය අසනීප නිවාඩු ඉල්ලමින් වෛද්ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව ද වාර්තා වේ.