කටුනායක ගුවන් තොටුපළ නොසන්සුන්

  • By editor
  • August 8, 2023
  • 0
  • 68 Views

කටුනායක ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපළ සේවය සදහා පිරිමි ආරක්ෂක නිළධාරින් 100 දෙනෙකු හා කාන්තා ආරක්ෂක නිළධාරිනියන් 50 දෙනෙකු බඳවාගැනීමට පසුගිය දිනවලදී
සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.

ඒ විෂයබාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.

මෙහිදී සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත් පිරිස කපාහැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිස් පමණක් සේවයට බඳවා ගන්න ලෙසට අමාත්‍යවරයාට හිතවත් පිරිස් විසින් ගුවන්තොටුපළ නිළධාරින්ට බලපෑම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ 10-15 අතර මුදලකට රැකියා අවස්ථාවන් අළවිවන බවයි.

මෙයට විරෝධය පළකරමින් වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමර්ගයක නිරතවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කළ බවයි ගුවන්තොටුපොළ භාරව සිටින ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.

කටුනායක ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපළ සේවය සදහා පිරිමි ආරක්ෂක නිළධාරින් 100 දෙනෙකු හා කාන්තා ආරක්ෂක නිළධාරිනියන් 50 දෙනෙකු බඳවාගැනීමට පසුගිය දිනවලදී
සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.

ඒ විෂයබාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.

මෙහිදී සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත් පිරිස කපාහැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිස් පමණක් සේවයට බඳවා ගන්න ලෙසට අමාත්‍යවරයාට හිතවත් පිරිස් විසින් ගුවන්තොටුපළ නිළධාරින්ට බලපෑම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ 10-15 අතර මුදලකට රැකියා අවස්ථාවන් අළවිවන බවයි.

මෙයට විරෝධය පළකරමින් වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමර්ගයක නිරතවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කළ බවයි ගුවන්තොටුපොළ භාරව සිටින ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *