කට නිසා නහින ආණ්ඩුව – මැකෝ යළි මැතිවරණයකට සල්ලි ඉල්ලයි

  • By editor
  • June 19, 2023
  • 0
  • 57 Views

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා විසින් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික පුවත් පතකට සදහන් කර තිබේ.

රජය විසින් විවිධ අවස්ථා වලදී රටේ ආර්ථික තත්වය යම් යහපත් මට්ටමක පවතින බවට ප්‍රකාශ නිකුත් කෙරෙන හෙයින් මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.

මීට ඉහත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සෑම අවස්ථාවකදීම එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණේ ඒ අනුවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට නම් ඒ සම්බන්ධයෙන්වූ විශේෂ පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන හුදු යෝජනාවකින් එවැන්නක් කළ නොහැකි බවත් පුංචිහේවා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *