කඩුවෙල මහ නගර සභාවේ ලක්ෂ 23ක ටයර් උස්සලා – සේවකයින් 3ක් අත්අඩංගුවට

  • By editor
  • December 22, 2023
  • 0
  • 92 Views

කඩුවෙල මහ නගර සභාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එම නගර සභාවට අයත් අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ මෙම සොරකම සිදුව ඇති අතර එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු  සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *