කතරගම අසේලට වස දුන් ප්‍රධාන සැකකරු අල්ලයි

  • By editor
  • February 11, 2024
  • 0
  • 64 Views

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ භාරයේ සිටි අසේල නැමැති අලියාට පැණි කොමඩු ගෙඩියකට වස මිශ්‍ර කොට කෑමට ලබාදුන් බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මාස හයක පමණ කාලයක් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මහනුවර, කටුකිතුල, පන්විල අයෙක් වේ.

සැකකරු වෙනත් කිසියම් සිද්ධියක් සඳහා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී මෙම සිද්ධිය අනාවරණය වී කතරගම පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යවා මෙම සැකකරු කතරගම පොලිසිය වෙත රැගෙන විත් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *