කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා පොලිසියට භාර වෙයි

  • By editor
  • December 27, 2023
  • 0
  • 152 Views

කතරගම මහ දේවාලයෙන් පවුම් තිස්අටක බරකින් යුත් රන්තැටිය සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව අතුරුදන් වී සිටි එම දේවාලයේ ප්‍රධාන කපු මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

පසුගිය සෙනසුරාදා කතරගම පොලිසිය වෙත ගොස් ඇති බාල දියණියන් දෙදෙනකු හා මුණුපුරකු වන කපුවකු විසින් ප්‍රධාන කපුවාගේ අතුරුදන්වීම ගැන පවුලේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට චෝදනා කරමින් කතරගම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණි.

කෙසෙවෙතත් මේ වනවිට සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *