කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අතුරුදන් – දියණියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක් 

  • By editor
  • December 25, 2023
  • 0
  • 227 Views

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමිපාල ටී රත්නායක අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි ඔහුගේ දියණියන් විසින් කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.

ඔවුන් පැමිණිල්ල මගින් සදහන් කර ඇත්තේ මෙම අතුරුදන් වීමට පවුලේ සමීපතමයන් දෙදෙනෙකු සැක සහිත බවය

පසුගිය 08වැනි දා සිට මෙම ප්‍රධාන කපු මහතා අතුරුදන් වී ඇති බව එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක බර රන් තැටියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ප‍්‍රධාන කපු මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්‍ෂණ පවත්වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද නියෝග ලැබී ඇත.

එසේම මීට අදාළව කතරගම දේවාලයේ ගබඩා පාලක මේ වනවිට පොලිසියට භාර වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *