කතරගම දේවාලේ කපු – නිළමේ වලිය

  • By editor
  • July 3, 2023
  • 0
  • 227 Views

ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සිදුකෙරෙන ගිනි පෑගීමේ උළෙල පවත්වන ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් කපු මහතෙකු සහ බස්නායක නිළමේ අතර උණුසුම් බහින්බස් වීමක් සිදුව තිබේ.

සෑම වසරකදීම ගිනි පෑගීම සිදුකරන්නේ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිට මහවීදියේ වන අතර එය වෙනස් කරමින් වල්ලි අම්මා දේවාලය ඉදිරිපිට එය සංවිධානය කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ අභිනවාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන දුටුගැමුණු මහා සෑයට හානී සිදුවන බැවින් බව බස්නායක නිළමේ විසින් දන්වා තිබේ.

කෙසේවෙතත් කපු මහතා ඉල්ලා ඇත්තේ පැරණි ස්ථානයේම මෙය සිදුකළ යුතු බවය.

එහිදී උණුසුම් තත්වයක් ඇති වී තිබෙන අතර කපු මහතා සහ ඔහුගේ පිරිසක් බස්නායක නිළමේ වරයාට හූ තබා තිබේ. පසුව බස්නායක නිළමේ වරයාගේ ආරක්ෂකයින් ඔහුව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *