කතරගම පන්සලේ ඇතාට වස දීලා

  • By editor
  • August 20, 2023
  • 0
  • 126 Views

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති ඇතාට වස දුන් බව කියන හිටපු ඇත්ගොව්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරුගේ උපදෙස් මත අද දහවල් පුද්ගලයෙක් විසින් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් ඇතාට ලබා දී ඇත.

අලියාට මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු එය බිම හෙලා ඇති බවත්, අලියාද නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිට ඇත. පසුව පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති කැඳවා ප්‍රථිකාර ලබාදී තිබේ.

කෙසෙවෙතත් විස කොමඩු ගෙඩිය ලබාදුන් සැකකරු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට ඇති බවත්, එම පුද්ගලයා විසින් වස යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට දුන් උපදෙසක් මත මෙය දුන් බවත් සැකකරු පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *