කතානායකවරයාට සහ ඔහුගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්ණයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන අතර
ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබාදුන් තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමේදී පාර්ලිමේන්තු නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නොකියවා ලබාදුන් වැරදි උපදෙසක් මත කතානායකවරයා අදාළ තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව මන්ත්‍රීවරයා ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය.
මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට කතානායකවරයා එහිදී සිදුකළ ප්‍රකාශය වහාම නිවැරදි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී සඳහන් කර තිබේ.
එම ප්‍රකාශයෙන් පසු කතානායක මාධ්‍ය ලේකම්වරයා විසින් ඉකුත් 11 වනදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ එම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය සහ රට සහ අධිකරණය නොමග යවන සුලු ප්‍රකාශයක් බවයි.
කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සිදු කළේ සියලු මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද දින කතානායකවරයා වෙත යොමුකළ ලිපියේ දක්වා ඇත.
එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳ තමන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.