කනත්තට යන දවසට යන්න මම සූදානම් – ඒත් දැන් මම යන්නේ පාර්ලිමේන්තුවට – උපන්දිනය දවසේ කැළණි ගිය මර්වින් කියපු කතා

  • By editor
  • March 25, 2023
  • 0
  • 218 Views

තමන් එක්තැන් වෙලාවත්, පණුවෝ ගහලවත් මැරෙන අයෙක් නොවන බවත්, තමන් මැරෙන්නේ කැළණියට තවත් සේවය කිරීමෙන් පසුව බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පැවසුවේය.

මර්වින් සිල්වාගේ උපන්දිය අදට යෙදී තිබුණ අතර ඒ වෙනුවෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වුනේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ආගමික වතාවත්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයා පැවසුවේ තමන් දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ ගත්තාට දේශපාලනයෙන් අයින් නොවන බවය.

කන්තට යන දවසට යන්න තමන් සූදානම් නමුත් දැන් තමන් සූදානමින් සිටින්නේ පාර්ලිමේන්තුවට යාමට බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *