කම්කරු නීති ප්‍රතිංස්කරණය ගැන කතා කරමින් සිටියදී මනුෂගේ ෆේස් බුක් පිටුවත් හැක් වෙයි

  • By editor
  • May 24, 2023
  • 0
  • 45 Views

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ නිල ෆේස් බුක් පිටුව මීට සුළු වේලාවකට පෙර හැකර්වරුන්ගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

අමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් පිටුව මෙසේ හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාදය සජීවීව විකාශයට පත්වන අතරවාරයේදීය.

හැකර්වරුන් මෙම ෆේස් බුක් පිටුව හැක් කිරීමෙන් පසුව අසභ්‍ය වීඩියෝවක් සදහා වන සම්බන්ධතාවයක් එයට ඇතුළත් කර ඇති අතර, නිල ෆේස් බුක් පිටුව යථා තත්වයට පත් කරගැනීම සදහා කටයුතු කරමින් සිටින බවට අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මේ පිළිබද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *