කම්කරු නීති ප්‍රතිසංස්කරණය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළ කරන අය ගැන පරීක්ෂණ පවත්වන්න – කම්කරු කොමසාරිස් ජනරාල් පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලයි

  • By editor
  • May 22, 2023
  • 0
  • 49 Views

කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති නමුත් එම අදහස් සලකා බලා නව නීති පද්ධතියක් කෙටුම්පත් කිරීම මෙතෙක් ආරම්භවී නොමැති බවද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වේ.

නව කම්කරු නීති පද්ධතිය සකස් කර අවසන් බවට හා එමගින් කම්කරු අයිතිවාසිකම්වලට අහිතකර බලපෑමක් සිදුවන බවට හැගී යන ආකාරයේ තොරුතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බවද එම ලිපියේ දැක්වේ. එම ප්‍රචාරයන් නිසා කම්කරු හා වෘත්තීය සමිති අතර කම්කරු දෙපාර්තමේන්තුව කෙරෙහි අවිශ්වාසයක් හා අප්‍රසාදයක් ගොඩනගමින් කම්කරු නොසන්සුන්තාවයක් ඇති කිරීමේ ඉඩකඩක් පවතින බවද මෙම ලිපියේ සදහන් වේ.

එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට කම්කරු කොමාසාරිස් ජනරාල්වරයා ඉල්ලීම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *